මාලිංගට T20 නායකත්වය / මැතිව් සහ තිසර ඉවතට

2019-08-24 at 14:14

නවසීලන්තයට එරෙහි විස්සයි විස්ස ක්‍රීකට් තරගාවලියේ නාවකත්වය සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමිව තිඛෙනවා.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත්. ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට හිමිව තිඛෙනවා. අවිශ්ක ප්‍රනාන්දු / කුසල් ජනිත් පෙරේරා / කුසල් මෙන්ඩිස් පිතිකරුවන් ලෙසයි ශ්‍රී ලංකා සංචිතයට එක්වන්නේ.

දසුන් ශානක / ශෙෂාන් ජයසුරිය සහ වනිදු හසරංග තුන් ඉදිරියව් ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුලත්. වේග පන්දු යවන්නන් ලෙස ඉසුරු උදාන / කසුන් රාජිත / ලහිරු කුමාර සහ ලහිරු මදුසංඛ ශ්‍රී ලංකා සංචිතයට එක්වනවා.

පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලය චෝදනා එල්ල වු දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයද විස්සයි විස්ස සංචිතයට ඇතුලත් ඊට අමතරව ලක්ෂාන් සඳකැන් ද ශ්‍රී ලංකා සංවිතයට කැඳවා තිඛෙනවා.

දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් අහිමිව සිටි ධනුෂ්ක ගුණතිකද නවසීලන්තයට එරෙහි විස්සයි විස්ස සංචිතයට එක්වනවා.

කෙසෙවෙත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස් / තිසර පෙරේරා / දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිත යේ ස්ථානයක් හිමි නොවීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන මස පළමු වනදා ආරම්භවීමට නියමිතයි. දෙවන තරගය ලබන 03 දා සහ අවසන් විස්සයි විස්ස තරගය ලබන 06 වනදාත් පැවැත්වීමට නියමිතයි.

නවසීලන්තයට එරෙහි පැවැත්වෙන විස්සයි විස්ස තරග 3 ම මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමද විශේෂත්වයක්.