මාලිංග සහ මැතිවිස් IPL වෙන්දේසියේ සුපිරි ලැයිස්තුවට

December 6, 2018

මෙවර අයි පී එල් තරඟ වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි දෙකක ඉහළ මුලික මිලක් නියමු කර ඇති ක්‍රීඩකයින් 9 දෙනො අතරට ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිවිස් හා ලසිත් මාලිංග එක් වී තිබෙනවා.

වසර ගණනාවක් පුරා මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කළ ලසිත් මාලිංග අයි පී එල් තරඟමාලවේ වැඩිම කඩුළු ලාභියාද වනවා.

එහෙත් ඔහු පසුගිය වසරේදී මුම්බායි පිල සමග එක්වුයේ එහි පන්දු යැවීමේ උපදේශක වරයෙකු ලෙසයි.

ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා ඉන්දියාවේ ජායිපුර් හිදී පැවැත්වීමට නියමිතයි.

මෙවර මුලික ඉහළ මිලක් නියමු වු සෙසු ක්‍රීඩකයින් අතර කොරී ඇන්ඩර්සන් / සෑම් කියුරන් / කොලින් ඉන්ග්‍රම් හා ශොන් මාර්ෂ් ද වනවා. අනෙක් ක්‍රිඩකයින් වන්නේ ක්‍රිස් වෝක්ස් / ඩාර්සි ශොර්ට් හා බ්‍රෙන්ඩන් මැකලම් යන තිදෙනායි.

2019 අයි පී එල් තරඟමාලව ලබන මාර්තු මාසයේ තුන් වන සතියේදී ආරම්භ වීමට නියමිතයි. සාමාන්‍යයෙන් අයි පී එල් තරඟාවලිය ආරම්භ වන්නේ අප්‍රේල් මාසයේදීයි.

එහෙත් මේ වසරේ මැද භාගයේදී එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟමාලාව පැවැත්වෙන බැවින් ඉන්දීය ක්‍රීඩකයින්ට ප්‍රමාණවත් විවේකයක් ලබා දීමේ අරමුණ ඇති මෙවර අයි පී එල් තරඟාවලියේ කාලසටහන වෙනස් කර තිබෙනවා.