මියගිය අමෙරිකානු කලු ජාතිකයා ගැන සංගා කිව්ව සුපිරි කථාව

2020-06-03 at 07:25

වර්ගවාදයට සහ අයුක්තියට එරෙහිව අමෙරිකාවේ ඇතිව තිබෙන ක්‍රියාකාරිත්වය සියලූ දෙනාට ප්‍රබල පාඩමක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා.

ලොව කුමන රටක ජිවත් වුවත් මහජන සංවේදීතාවන් සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ රජයන් නොව ඔබ සහ මම බවයි ට්විටර් පණිවිඩ කිහිපයක් තබමින් ඔහු කියාසිටියේ.

ඝාතනයට ලක්වූ අමෙරිකානු කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ් සම්බන්ධයෙන් අමෙරිකාව පුරා ව්‍යාප්ත වන විරෝධතාව පිළිබඳ කුමාර් සංගක්කාර මෙම අදහස් පළකලා.

මහජන නියෝජිතයින් කව්රුන්ද යන්න තෝරා ගන්නේ අප බැවින් ඔවුන් රජයට එන විට ඔවුන්ගේ චරිත ලක්ෂණ මෙන්ම ඔවුන් ක්‍රියා සම්බන්ධයෙන් වගකිව යුත්තේ ද අප බවයි සංගක්කාර පෙන්වා දෙන්නේ.

ගෞරවය, අවබෝධය සහිත යහපත් වෙනස්කම් සහිත ලෝක සංස්කෘතියක් ඇති කිරිම සඳහා සාමාන්‍ය පුරවැසියන් වන අප සියලූ දෙනාට එක්ව කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු අවධාරණය කරනවා.