මොයින් අලී ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත් වෙයි

2020-02-11 at 12:16

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචාරයෙන් ඉවත්විී තිබෙනවා.

තවදුරටත් විවේක ලැබා ගැනීමයි එහි අරමුණ වී ඇත්තේ.

වේගපන්දු යවන ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩර්සන් ද මෙවර ශ්‍රී ලංකා සංචාරයට එක් නොකරනු ඇති බවයි එංගලන්ත මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී විම සඳහා එංගලන්ත කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

එම සංචාරයට තමන්ද එක් නොවන බව එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක අදිල් රෂීඞ් ඊයේ ප්‍රකාශ කළා.