රග්බි ලෝක කුසලානයේ තරග ප්‍රතිඑල මෙන්න

2019-09-21 at 15:44

රග්බි ලෝක කුසලාන තරගමාලාවේ ෆීජි රාජ්‍යය සමග පැවැති තරගය ජය ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වුනා.

තරගයේ ලකුණු සටහන දැක්වුනේ 39 ට 21 ක් වශයෙන්.

තරගය පැවැත්වුනේ ජපානයේ සැප්පොරෝ ඩොමේ ක්‍රීඩාංගනයේදී. එමෙන්ම ආර්ජන්ටිනාව සමග පැවති තරගය ජය ගැනීමට ප්‍රංශය සමත්වුනා.

තරගයේ ලකුණු සටහන දැක්වුනේ 23 ට 21 ක් වශයෙන්.

එම තරගය පැවැත්වුනේ ජපානයේ අජිනමෝටෝ ක්‍රීඩාංගනයේදි.

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර තරගය දැන් ආරම්භ වී තිබෙනවා.