රග්බි ලෝක කුසලාන තරගමාලාවේ තවත් තරග තුනක් අද

2019-09-21 at 08:13

ජපානයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගමාලාවේ තවත් තරග තුනක් අද පැවැත්වෙනවා.

එහිදී ඔස්ටේ්‍රලියාව සමග ෆීජි රාජ්‍යයත් / ප්‍රංශය සමග ආජන්ටිනාවත් / නවසීලන්තය සමග දකුණු අප්‍රිකාවත් තරග වැදීමට නියමිතයි.

ලෝක කුසලාන තරගමාලාව ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයේදී රුසියාව පරදවා ජයග්‍රහණයක් අත් කර ගැනීමට සත්කාරක ජපාන කණඩායම සමත් වුණා.

රටවල් 20 ක් සහභාගීවන මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාව ලබන නොවැම්බර් 02 වනදා දක්වා පැවැත්වෙනවා.