රොබින් උත්තප්පා ICC නීති කඩයි

2020-10-01 at 09:03

පන්දුව ඔප දැමීම සදහා ඛේටය භාවිත නොකළ යුතුයි යනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පණවා ඇති නීතිය රාජස්ථාන් රෝයල්ස් පිළේ ක්‍රීඩක රොබින් උත්තප්පා විසින් උල්ලංඝණය කර තිඛෙනවා.

ඩුබායි අන්තර්ජාතික ක්‍රීකට් ක්‍රීඩාංගනයේ ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගයේදියි ඔහු මෙම නීතිය උල්ලංඝණය කර ඇත්තේ.

කොල්කටා පිළේ ආරම්භක පිතිකරු වන සුනිල් නාරායන් ලබාදුන් උඩ පන්දුවක් රොබින් උත්තප්පා අතින් ගිලිහෙන අතර පසුව පන්දුව අතට ගන්නා ඔහු ඛේටය භාවිත කර එය පිරිමැද පන්දු යවන්නා වෙත යොමු කර තිබුනා.

ඊට අදාල දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වන අතර අයි සි සි ය මේ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි සමාජ මාධ්‍ය පරිශිලකයන් රැසක් විමසා තිඛෙනවා.

පන්දුව ඔප දැමීම සදහා ඛේටය භාවිත නොකළ යුතුයි නීතියක් පැණවිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේ කොරෝනා අවධානම හමුවේ ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව ක්‍රිකට් තරග පැවැත්විමට ගත් තීරණයට සමගාමිවයි.