රොබින් උතාපාගේ එකම හීනය මෙන්න

2020-04-07 at 17:22

මෙවර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම තම ප්‍රධානතම අරමුණ බව ඉන්දීය පිතිකරු රොබින් උතාපා පවසනවා.

එබැවින් නැවත කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවයි පළපුරුදු පිතිකරුවා සඳහන් කරන්නේ.

රොබින් උතාපා අවසන් වරට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළේ 2015 වසරේදියි.

එතැන් සිට මේ දක්වා ඔහුට කණ්ඩායමට එක්වීමේ අවස්ථාව උදාවුයේ නැහැ.

ඉන්දීය ක්‍රිකට් විචාරකයින්ගේ මතය වන්නේ වත්මන් ඉන්දීය 20 යි 20 පිලේ අතිශ්‍ය ප්‍රභල ක්‍රීඩකයින් රැසක් සිටින බවයි.

එබැවින් මහේන්ද්‍ර සිං ධෝනි වැනි ප්‍රභලයෙකුට පවා කණ්ඩායම එක්වීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.