ලෝක කුසලානයේ 2 වන අවසන් පූර්ව තරගය අද

2019-07-11 at 06:35

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ 2 වන අවසන් පූර්ව තරගය අද බර්මිංහැම් හිදී පැවැත්වෙනවා.

එහිදී තරග වදින්නේ සත්කාරක එංගලන්තය සමගින් ඔස්ටේ්‍රලියාවයි. අද තරගයෙන් ජයගන්නා කණ්ඩායම ලබන ඉරිදා ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසාන මහා තරගයේදී නවසීලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතයි.

මැන්චෙස්ටර් නුවර ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරදවා ලකුණු 18 ක තියුණු ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 239 ක්.

රොස් ටේලර් 74 යි. කේන් විලයම්සන් 67 ක් ලබාගත්තා. බුවනේෂ්වර් කුමාර් කඩුලු 3 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ඉන්දියාවට පන්දුවාර 49 යි පන්දු 3 කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 221 ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ කේ එල් රාහුල් / රෝහිත් ශර්මා සහ විරාත් කෝලි ලබාගත්තේ එක් ළකුණ බැගින් පමණයි.

රවීන්ද්‍ර ජඬේජා පන්දු 59 කදී වේගවත් ළකුණු 77 ක් රැස්කලා. මහේන්ද්‍ර සිං දෝණි 50 යි. තරගයේ වීරයා වූ මැට් හෙන්රි කඩුලු 3 ක් බිඳහෙලුවා.

නවසීලන්තය ලෝක කුසලානයක අවසාන මහා තරගයකට අඛණ්ඩව සුදුසුකම් ලැබූ 2 වන අවස්ථාව මෙයයි.

අවසාන වරට පැවති 2015 ලෝක කුසලානයේදීද ඔස්ටේ්‍රලියාව සමගින් නවසීලන්තය අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවද ඔවුන්ට එහිදී හිමිවූයේ අනු ශූරතාවයයි.

Please follow and like us: