ලෝක කුසලානය ඛෙදී යා යුතුයි – ඩේව් වට්මෝර්

2019-07-17 at 13:42

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සම ශුරයින් ලෙස එංගලන්තය හා නවසීලන්තය අතර ඛෙදී යා යුතුව තිබු බව 1996 ලෝක කුසලානය ජයගත් අවස්ථාවේ ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණූකරු ධුරය දැරු ඩේව් වට්මෝර් පවසනවා.

ඔහුගේ මතය වන්නේ හතරේ පහර සංඛ්‍යාව මත මෙවැනි තරඟයක ඉරණම විසඳීම පිළිගත නොහැකි බවයි.

මෙවර අවසන් මහා තරඟයේ දස්කම් දෙස බැලීමේදී එංගලන්තය මෙන්ම නවසීලන්තයද එක හා සමාන දක්ෂතා අතර පසුවු බැවින් සුපිරි ඕවරයෙන් පසුව ඔවුන් සම ශුරයන් ලෙස නම් කළ හැකිව තිබු බවයි ප්‍රවීන පුහුණූකරුගේ මතය වන්නේ.

ඩේව් වට්මෝර් කියා සිටින්නේ අදාල නිති සැකසු පුද්ගලයින් මෙවැනි අවස්ථාවක් උදා වනු ඇතිව කිසි විටෙක බලාපොරොත්තු නොවන්නට ඇති බවයි.

මේ අතර 1996 වසරේදී ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායකයා වන අමාත්‍ය අරජුන රණතුංග මහතාගේ මතය වන්නේද එංගලන්තය හා නවසීලන්තය මෙවර ලෝක කුසලානයේ සම ශුරයින් ලෙස නම් කළ යුතු බවයි.