AUSTRALIA – PAKISTAN තරගය අද

2019-06-12 at 07:50

ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ ඔස්ටේ්‍රලියාව හා පකිස්ථානය අතර තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ එංගලන්තයේ ටෝංටන් හීදියි.

ශෆ්රාස් අහමඞ් විසින් පකිස්ථාන පිළ මෙහෙයවන අතර ඔස්ටේ්‍රලියානු පිළ මෙහෙයවන්නේ ඒරන් ෆින්ච් විසින්. තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3 ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දු වාරයක් හෝ යැවීමෙන් තොරව අත් හැර දැමුණා.

තරගය පැවැත්වීමට නියමිතව තිබුනේ එංගලන්තයේ බි්‍රස්ටල් හීදියි.

ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හමුවේ තරගයේ කාසියේ වාසිය හෝ උරගා බැලිමට අවස්ථාවක් හිමිවුනේ නැහැ.

මේ අනුව ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයට එක් ප්‍රසාද ලකුණු බැගින් හිමිවනවා.

ඒ ප්‍රසාද ලකුනු සටහනේ පස්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වුනා. ඒ සමස්ථ ප්‍රසාද ලකුණු 04 ක් හිමි කරගනිමින්.