ලෝක කුසලාන වෙනසට බරපතල විරෝධයක්

2019-06-25 at 13:41

ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරඟමාලාව වසර තුනකට වරක් පැවැත්වීමේ යෝජනාවකට සාමාජික රටවල විරෝධය එල්ල වී තිඛෙනවා.

ඉන්දීය පුවත් සේවා සඳහන් කළේ ලන්ඩන් නුවර පැවති විධායක මට්ටමේ සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවයි.

එහිදී එංගලන්තය ඔස්ටේ්‍රලියාව ඉන්දියාව ඇතුළු රටවල් රැසක් ඊට දැඩි විරෝධය පල කර තිඛෙනවා.

ඔවුන් අවධාරණය කර ඇත්තේ වසර හතරකට වරක් පවත්වන එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟමාලාවේදී පවා ක්‍රිඩා ලෝලීන්ගේ ආකර්ෂණ ප්‍රමාණවත් නොවන බවයි.

දකුණූ ආසියාවෙන් පිට තරඟමාලාවලදී එය කැපී පෙනෙන බව ඔවුන්ගේ මතය වී තිඛෙනවා. එහිදී බහුතර සාමාජික රටවල නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ වර්තමානයේ වැඩිම ආකර්ෂණයක් පවතින්නේ 20 යි 20 තරඟමාලා බවයි.