වර්ෂාවේ බාධා මැද පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

2019-12-13 at 06:43

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන පිල අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

තරගයේ දෙවන දිනය වු ඊයේ වර්ෂාව හේතුවෙන් තරගය නියමිත කාලයට පෙර නතර කිරීමට සිදුවුණා.

රාවල්පිණ්ඩි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය ඊයේ අත්හිටුවන විට ශ්‍රී ලංකාව පළමු ඉණිමට කඩුලු 6 ක් දැවී ළකුණු 263 ක් ලබා සිටියා.

ධනංජය ද සිල්වා ලකුණු 73 ක්ද දිල්රුවන් පෙරේරා ලකුණු 02 ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටියා.