වැස්සට නැවැතුණු තරග අතිරේක දිනවලට නැත්තේ ඇයි ?

2019-06-12 at 06:37

මෙවර ක්‍රිකට් ලෝක කුසලානයේදී මූලික වටයේ තරග සඳහා අතිරේක දින වෙන් නොකර තිබීම සම්බන්ධයෙන් අයි සී සී ප්‍රධාන විධායක නිළධාරී ඬේවිඞ් රිචර්ඞ්සන් කරුණු පැහැදිලි කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ එමගින් තරගාවලිය දීර්ඝ විය හැකි බවයි. තණතිලි සකස් කිරීම / ක්‍රීඩකයන්ට පහසුකම් සැළසීම වැනි දෑ සඳහා අමතර පරිශ්‍රමයක් දැරීමට සිදුවන බවද ප්‍රධාන විධායක නිළධාරියා සඳහන් කලා.

මෙවර තරගාවලියේ තරග කිහිපයකට වර්ෂාවෙන් බාධා එල්ලවීම හමුවේ අතිරේක දිනවල එම තරග පැවැත්විය නොහැකිදැයි පාර්ශව රැසක් නගා තිබූ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් ඬේවිඞ් රිචර්ඞ්සන් මහතා මෙම අදහස් පළකලා.

අතිරේක දිනවලදීද වර්ශා බල නොපානු ඇති බවට අනාවැකි පළකල නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ජූනි මාසය යනු එංගලන්තයේ වියළි කාළගුණයක් සහිත මාසයක් බවද මෙවර බලපා ඇත්තේ අනපේක්ෂිත වර්ශා සහිත කාළගුණයක් බවද අයි සී සී ප්‍රධාන විධායක නිළධාරියා දිය නිවේදනයෙන් තවදුරටත් සඳහන් කලා.

Please follow and like us: