වැස්සට සේදුන 1 ටෙස්ට් තරගයේ අවසන් දිනය අද

2019-12-15 at 07:10

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ පස්වන හා අවසන් දිනය අදයි.

රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිඩාංගණයට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් ඊයේ දිනය එක් පන්දුවක් හෝ ක්‍රීඩා නොකර තරගය අතහැර දැමුනා.

අයහපත් කාළගුණය හේතුවෙන් තරගයේ දෙවන සහ තුන්වන දිනවලදීද තරගයට විටින් විට බාධා එල්ලවුණා. පකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 282 ක්.

ධනංජයද සිල්වා ලකුණු 87 ක්ද දිල්රුවන් පෙරේරා ලකුණු 6 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.