විනිසුරුවන් එක්ක පැටළුණූ ධෝනි දඩ කයි

2019-04-12 at 15:35

නිපන්දුවක් සම්බන්ධයෙන් විනිසුරුවන් සමග විවාදාත්මක තත්වයකට මැදිවු චෙන්නායි සුපර් කිංන්ග්ස් පිලේ නායක මහේන්ද්‍ර සිං ධෝනි හට දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ අනුව ඔහුට ඊයේ රාජස්තාන් රෝයල් කණ්ඩායම සමග පැවති තරගයේ තරඟ මුදලින් සියයට 50 ක් අහිමි වන බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

තරගයේ අවසන් පන්දුවාරයේදී නිපන්දුව සම්බන්ධ විවාදාත්මක තත්වය හට ගත්තේ ප්‍රධාන විනිසුරු නිපන්දුවක් ලෙස නම් කළ පන්දුව අනෙක් විනිසුරු නිපන්දුවන් නොවන බව පැවසීම හේතුවෙනුයි.

එම අවස්වේදී මහේන්ද්‍ර සිං ධෝනි පිටිය මැදට පැමිණ විනිසුරුවන් සමග වාදයකට පැටළුනා.

තරඟයෙන් පසුව තීරකවරයා හමුවේ පැවති කරුණු විමසීමේදී චෙන්නායි සුපර් කිංන්ග්ස් නායකයා තම වරද පිළිගෙන තිබෙනවා.

මෙම තරගයෙන් චෙන්නායි පිලට තියුණූ ජයක් හිමිවුණා.