ශ්‍රී ලංකාවට බරපතල ඉලක්කයක්

November 8, 2018

සංචාරක එංගලන්ත පිලට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 461 ක ඉලක්කයක් හිමි වී තිඛෙනවා.

එංගලන්තය සිය දෙවන ඉණිම සඳහා කඩුළු 6 කට ලකුණූ 322 ක් ලබා ඉණිම අත්හිටුවමිනුයි මෙම ඉලක්කය ලබා දුන්නේ.

මෙම තරඟයේ එංගලන්ත පළමු ඉණිම ලකුණූ 342 යි. ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණූ 203 කට සීමා වුණා. තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදීයි.