ශ්‍රී ලංකාව සමග එක්දින ක්‍රිකට් තරගාවලියට පකිස්ථාන සංචිතය නම් කරයි

2019-09-21 at 19:21

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය සදහා සහභාගී වන පකිස්ථාන සංචිතය නම් කර තිබෙනවා.

ඒ සෆ්රාස් අහමඞ්ගේ නායකත්වයෙන් යුතුවයි. බාබර් අසාම් / අබිඞ් අලී / අසීෆ් අලී / ෆකර් සමාන් / හැරිස් සොහෙයිල් හා මොහොමඞ් හස්නෙයින් සංචිතයට ඇතුලත්.

ඉෆ්තිකර් අහමඞ් / ඉමාඞ් වසීම් / ඉමාම් උල් හක් / මොහොමඞ් අමීර් / මොහොමඞ් නවාස් / මෙහොමඞ් රිස්වාන්ද සංචිතයට ඇතුලත් කිරීමටයි පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ෂඩාබ් ඛාන් / උස්මාන් කාන් හා වහාබ් රියාස් සංචිතයේ සෙසු සාමාජිකයන්.

දෙරට අතර එක්දින තරගාවලියේ පලමු තරගය ලබන 27 වනදා කරච්චි හීදි පැවැත්විමට නියමිතයි.