ශ්‍රී ලංකාව සමග හැප්පෙන්න සුදානම් – මහරාජ්

2019-02-12 at 17:10

දඟ පන්දු යවන්නන්ට වාසිදායක ස්වාභාවයක් පෙන්දුම් කරන ඩර්බන් හි කින්ග්ස්මීඩ් තණතිල්ලේදී ශ්‍රී ලංකා පිට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට දකුණූ අප්‍රිකා පිල සුදානම් බව දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් පවසනවා.

මෙවර ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරඟමාලාව ජයග්‍රහණය කිරීමේ හැකියාව දකුණූ අප්‍රිකාව සුතු බවයි දඟ පන්දු යවන්නාගේ මතය වන්නේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරඟමාලාව හෙට (13) ආරම්භ වනවා. තරඟ දෙකක් ඊට ඇතුළත්.

කේෂව් මහරාජ් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පිලේ දස්කම් සම්බන්ධයෙන් කිසිවිටෙක අඩුතක්සේරු නොකරන බවයි.