ශ්‍රී ලංකාව සැබැ ම අභියෝගයක් – මහමුදුල්ලා කියයි

September 12, 2018

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවට එරෙහි සමාරම්භක තරඟය ප්‍රභල අභියෝගයක් බව බංගලිදේශ පළපුරුදු පිතිකරු මහමුදුල්ලා පවසනවා. ශ්‍රී ලංකාව ක්‍රීඩකයින් මෙම කාලසීමාවේ උපරිම දස්කම් අතර පසුවන බවයි ඔහුගේ මතය වන්නේ.

මෙවර ආසියානු කුසලාන තරඟමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල ලබන සෙනසුරාදා බංගලිදේශය සමග තරඟ වැදීමට නියමිතයි.

එම තරඟය බංගලිදේශ පිල හොඳින් සුදානම් බව මහමුදුල්ලා සඳහන් කළේ ඩුබායී හීදි පුහුණූවීම්වල යෙදෙන අතරවාරයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මෙවර තරඟමාලාවට එක් වන කිසිදු ප්‍රතිවාදී කණ්ඩායමක් සුළුවෙන් තැකිය නොහැකි බවයි බංගලිදේශ පළපුරුදු ක්‍රීඩකයා සඳහන් කරන්නේ.