ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද
2021-01-15 at 06:28

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
ඊයේ දිනය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත පිළ කඩුලු 2 ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 127 ක්.
නායක ජෝ රූට් නොදැවී ලකුණු 66 ක්ද ජොනී බෙයාස්ටෝ ලකුණු 47 ක්ද ලබා නොදැවී ක්‍රීඩා කරමින් සිටියා.
ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 55 කට කඩුලු 2 ක් බිඳ හෙලුවා.
ශ්‍රී ලංකා පිළ පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 135 ක් පමණයි.
තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි
