එංගලන්තය තවත් ටෙස්ට් ජයක් අභියස

2021-01-18 at 07:02

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසාන දිනය අදයි.

තරගය ජයගැනීමට සංචාරක එංගලන්තය ලබා ගත යුතු වන්නේ තවත් ළකුණු 36 ක් පමණයි.

ඒ සඳහා ඔවුන්ට තවත් කඩුලු 07 ක් ඉතිරිව පවතිනවා.

ඊයේ දිනයට තරගය අත්හිටුවන විට එංගලන්තය සිය දෙවන ඉණිමට කඩුලු 03 ක් දැවී ලබාසිටි ළකුණු සංඛ්‍යාව 38 ක්.

පළමු ඉණිමේදී ළකුණු 228 ක් රැස්කල නායක ජෝ රූට් දුවද්දී දැවීයාමකට ලක්වු අතර ඔහු ලබාගත්තේ එක් ළකුණක් පමණයි.

සැක් ක්‍රෝලි 08 ක්ද / ඩොම් සිබ්ලි ළකුණු 02 ක්ද රැස්කලා.

ජොනී බෙයාර්ස්ටෝ ළකුණු 11 ක්ද ඩැන් ලෝරන්ස් ළකුණු 07 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටියා.

ශ්‍රී ලංකා දෙවන ඉණිම සියල්ලන් දැවී ළකුණු 359 යි.

එංගලන්ත පළමු ඉණිම සියල්ලන් දැවී 421 යි.

ශ්‍රී ලංකා පළමු ඉණිම 135 කට සීමාවුණා.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.