ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කොරෝනා එන්නත අප්‍රේල් 11

2021-04-08 at 06:56

බංගලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලබන 11 වනදා කොරෝනා මර්ධන එන්නත ලබාදීමට සැලසුම් කර තිඛෙනවා.

ක්‍රිකට් කළමණාකරන කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුණ ද සිල්වා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ දෙරට අතර ටෙස්ට් තරගාවලිය සැලසුම් කර පරිදි සාර්ථකව පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ලබන 21 වනදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.