ශ්‍රී ලංකා ටෙස්ට් පිල ලබන මාසයේ පකිස්ථානයට

2019-11-14 at 13:34

වසර 10 කට පසුව පාකිස්ථානයේදී ටෙස්ට් ක්‍රීකට් තරග මාලාවකට සහාභාගිවීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

එහිදී ලෝක ටෙස්ට් ක්‍රීකට් ශූරතාවලිය යටතේ තරග 2 කට ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතයි.

පළමු තරගය ලබන මස 11 වනදා සිට 15 වනදා තෙක් රාවල්පින්ඩිහිදී පැවැත්වෙනවා.

දෙවන තරගය ලබන මස 19 වනදා සිට 23 වනදා තෙක් පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ කරච්චිහිදියි.

ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් පාකිස්ථානයට අද නිල වශයෙන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය නිවේදනය කළා.

2009 වසරේ පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා පිලට එල්ල වු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව පකිස්ථානයේදී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීකට් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයට ගොස් එක්දින හා විස්සයි විස්ස තරගමාල 2 කට ද සහභාගි වුණා.