ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ 03 වන දිනය අද

2021-01-05 at 06:50

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 03 වන දිනය අදයි.

ඊයේ දිනය නිමාවන විට සිය දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 04 ක් දැවී ලබා සිටි ළකුණු සංඛ්‍යාව 150 ක්.

නායක දිමුත් කරුණාරත්න නොදැවී 91 ක්ද නිරෝෂන් දික්වැල්ල නොදැවී 18 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටියා.

ළහිරු තිරිමාන්න 31 යි. කුසල් ජනිත් පෙරේරා සහ මිනෝද් භානුක ලබාගත්තේ එක් ළකුණ බැගින් පමණයි.

කුසල් මෙන්ඩිස් ළකුණු නොලබාම දැවී ගියා.

දකුණු අප්‍රිකා පළමු ඉණිම සියල්ලන් දැවී 302 යි. ශ්‍රී ලංකා පළමු ඉණිම 157 යි.

තරගය පැවැත්වෙන්නේ ජොහැන්නස්බර්ග් හිදීයි.