ශ්‍රී ලංකා නවසීලන්ත T20 තරගය අද ඕක්ලන්ඩ් හිදි

2019-01-11 at 07:02

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර 20 යි 20 ක්‍රිකට් තරගය අද නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදි පැවැත්වෙනවා.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය මෙයයි.

ශ්‍රී ලංකා පිල ලසිත් මාලිංගගේ නායකත්වය යටතේත් නවසීලන්තය ටිම් සවුතිගේ නායකත්වය යටතේත් තරගවැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක මෙම තරගයට ක්‍රීඩා නොකරන්නේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව සහ එක් දින තරගමාලාව ජය ගැනීමට නවසීලන්තය සමත්වුණා.

ශ්‍රී ලංකා පිල මෙම තරග සංචාරයෙන් පසුව ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වෙනවා.