ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයක

2019-08-13 at 06:14

එක් දින ක්‍රිකට් තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගී වීමට ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයකට සුදානම් වනවා.

ලබන සිකුරාදා ඔවුන් දිවයිනෙන් පිටත් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එක් දින ක්‍රිකට් තරගමාලාව ලබන 18 වනදා ආරම්භ වනවා. සිව්දින තරග ආරම්භ කෙරෙන්නේ ලබන 27 වනදායි.