ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් තරගයට අදත් වර්ෂාවෙන් බාධා

2019-12-13 at 18:17

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට අදත් වාර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා.

දිනය තුළ ක්‍රීඩා කිරීමට හැකි වුයේ පන්දුවාර 5 යි පන්දු 2 ක් පමණයි.

තරඟයේ තුන් වන දිනය වන අද ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුළු 6 ක් දැවී ලකුණූ 282 ක් ලබා සිටියා.

ධනංජයද සිල්වා නොදැවී ලකුණූ 87 යි.

දිල්රුවන් පෙරේරා ලකුණූ 6 ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා පළමු ඉණීම වෙනුවෙන් නායක දිමුත් කරුණා රත්න ලකුණූ 59 ක්ද ඕෂධ ප්‍රනාන්දු ලකුණූ 40 ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි සහ නසීම් ෂා කඩුළු දෙක බැගින් දවා ගත්තා.

තරඟය පැවැත්වෙන්නේ රාවල්පිණ්ඩි හිදියි.