ශ්‍රී ලංකා බංගලිදේශ එක් දින තරගමාලාවේ ප්‍රවේශ පත් නිකුතුව ඇරඹෙයි

2019-07-17 at 15:41

එළඹෙන බංගලිදේශ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගමාලාවේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ අලෙවි කිරීම ආරම්භ කර තිඛෙනවා.

අනිද්දා (19)  සිට ක්‍රිකට් මුලස්ථානයෙන්ද ඒවා ලබා ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ලබන අගහරුවාදා (23) සිට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට නියමිතයි.

එක් දින තරග තුනකින් සමන්විත තරගමාලාවක් සඳහා බංගලිදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන සෙනසුරාදා දිවයිනට පැමිණෙනවා.

දිවා රාත්‍රී තරග ලෙස ඒවා පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදියි.

තරගාවලිය ලබන 26 වනදා ආරම්භ වනවා. දෙවන තරගය 28 වනදාත් තුන් වන හා අවසන් තරගය ලබන 31 වනදාත් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පිල දිමුත් කරුණාතරත්නගේ නායකත්වය යටතේත් බංගලිදේශ පිල මශ්රෆි මොටාසාගේ නායකත්වය යටතේද තරග වදිනවා.

සුපිරි වේග පන්දු වන ක්‍රීඩක ලසිත් මාලිංග පසුගියදා කියා සිටියේ බංගලිදේශ තරගමාලාවේදී සිය අවසන් එක් දින ජාත්‍යන්තර තරගයට සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.