ශ්‍රී ලංකා සංචාරයට කොදෙව් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු දිවයිනට

2020-02-10 at 13:55

ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රිකට් සංචාරය සඳහා සහභාගී වන බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු දිවයිනට පැමිණි තිබෙනවා.

කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් අද පස්වරුවේ හා හෙට පැමිණීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරගාවලියට එක්දින තරග 3 ක් හා විස්සයි විස්ස තරග දෙකක් ඇතුලත්.

එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 22 වනදා කොළඹ එස් එස් පිටියේදී පැවැත්වීමට නියමිතයි.


venenatis, Phasellus venenatis ut massa eleifend risus. et,