ශිකර් ධවාන් ඉන්දීය කණ්ඩායමෙන් ඉවතට

2019-06-11 at 14:29

ආබාධයකට ලක් වීම හේතුවෙන් ඉන්දීය ප්‍රභල ආරම්භක පිතිකරු ශකර් ධවාන් සති තුනක කාලයක් කණ්ඩායමෙන් ඉවත් කර තිඛෙනවා.

ඔස්ටේ්‍රලියාවට එරෙහි තරඟයේදී පන්දුවක් මහපට ඇඟිල්ලේ වැදීමෙනුයි මෙම ආබාධ තත්වය හටගත්තේ. එය සුව වීමට සති තුනක කාලයක් අවශ්‍ය බවයි වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ.

ධවාන් වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයා පිළිබඳව ඉන්දීය කළමනාකාරීත්වය මෙතෙක් තීරණය කර නැහැ.

ඉන්දීය පිල අනිද්දා (13) නවසීලන්තය සමග සිය මීළඟ තරඟයට සහභාගී විමට නියමිතයි.