ශීතල දේශගුණය තමයි ලොකුම අභියෝගය – චන්දිමාල්

December 7, 2018

නවසීලන්තයේ පවතින අධික ශීත දේශගුණය ශ්‍රී ලංකා පිලට ඇති ප්‍රභලම අභියෝගය බව නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

නවසීලන්තයේ නේපියර් හීදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දිමාල් ප්‍රකාශ කර ඇත්තේ එය ශ්‍රී ලංකාවේ තත්වයට වඩා ඛෙහෙවින් වෙනස් බවයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේදී සහභාගී වන පුහුණූ තරඟය හෙට ආරම්භ වනවා. තුන් දින තරඟයක් වන එය නේපියර් හිදී පැවැත්වීමට නියමිතයි.

අනතුරුවයි තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟමාලාව ඇරඹෙන්නේ. ඉන් පසුව එක්දින තරඟමාලාව සහ 20 යි 20 තරඟය පැවැත්වෙනවා.