IPL 2020 : ෂාරුක් ආ තරගයේ ජය කොල්කටා පිළට

2020-10-01 at 07:06

KOLKATA

මෙවර අයි පී එල් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ලකුණු 37 කින් ජය ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුනා.

තරගය පැවැත්වුනේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

කාසියේ වාසිය දිනු රාජස්ථාන් පිළ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

කොල්කටා පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 174 ක්.

ෂුබ්මන් ගිල් ලකුණු 47 යි.

ලකුණු 175 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි රාජස්ථාන් පිළට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 137 ක් පමණයි.

රාජස්ථාන් පිළේ ක්‍රීඩකයන් 7 දෙනෙකු ලකුණු 10 සීමාවට අඩුවෙන් දැවී යාම විශේෂත්වයක්.

ටොම් කරන් නොදැවී ලකුණු 54 යි.

ලකුණු 20 ට කඩුලු 2 ක් දවා ගත් කොල්කටා පිළේ ශිවම් මවී තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

මේ අතර මෙම තරගය නැරඹිම සදහා කොල්කටා පිළේ හිමිකරු වන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ද ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණ සිටීම  විශේෂත්වයක්.