ස්ටීවන් ස්මිත්ට නැවතත් වැඩ වරදින ලකුණූ

2018-12-12 at 16:26

ඔස්ටේ්‍රලියා හිටපු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් බංගලිදේශ ප්‍රීමියර් ලීග් තරඟාමාලවට සහභාගි වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඔහුගේ සහභාගීත්වය සම්බන්ධයෙන් විරෝධතාවක් එල්ල වීමයි ඊට හේතු වී ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රීඩක අසේල ගුණරත්න වෙනුවට ස්මිත් කැඳවීමට කොමිලා වික්ටෝරියන්ස් පිලේ බලධාරීන් පසුගියදා පියවර ගත්තා.

තරඟමාලාවට යම් ක්‍රීඩකයෙකු ආදේශ කරන්නේනම් ඔහුගේ නම අදාල කණ්ඩායමේ ක්‍රීඩකයින් තොරා ගන්නා මුලික නාමලේඛනයට ඇතුළත් වීම තිබිය යුතු බවයි තරඟමාලාවේ ප්‍රධාන නීතියක් වන්නේ.

එහෙත් වික්ටෝරියන්ස් පිලේ මුලික නාමලේඛනයට ස්ටිවන් ස්මිත්ගේ නම ඇතුළත් නොවීම හමුවේ මෙම ගැටළුව නිර්මාණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා බංගලිදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කරන බවයි බංගලිදේශ ප්‍රීමියර් ලීග් තරඟාවලියේ සංවිධායකයින් සඳහන් කර ඇත්තේ.

මෙවර බංගලිදේශ ප්‍රීමියර් ලීග් තරඟාවලිය ලබන මස 5 වනදා ආරම්භ වීමට නියමිතයි.

Please follow and like us: