සාර්ථකත්වයේ රහස ක්‍රීඩාලෝලීන් – ක්‍රිස් ගේල්

2019-05-16 at 16:28

දීර්ඝ කාලීන ක්‍රිකට් තරග දිවියක් තමන්ට උරුම වුයේ අඛණ්ඩව දස්කම් අතර රැඳීමට සමත්වීම හේතුවෙන් බව බටහිර ඉන්දීය සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් පවසනවා.

එහිදී ක්‍රීඩාලෝලීන්ගෙන් ලැබුණූ සහයද තීරණාත්මක බවයි සුපිරි ක්‍රිඩකයා පෙන්වා දෙන්නේ.

තමන් සැමවිටම ක්‍රීඩා කරනු දැකීම ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුව වු බවයි ඔහු සඳහන් කළේ. ඉන්දීය පුවත් සේවයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ක්‍රිස් ගේල් මෙම අදහස් පළ කර තිබෙනවා.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලව නියෝජනය කරන කොදෙව් පිලේ උප නායකත්වයද ඔහුට පිරි නැමුණා.

ක්‍රිස් ගේල් මෙවර සහභාගී වන්නේ ඔහුගේ 5 වන ලෝක කුසලාන තරඟමාලාවටයි.

එතරම් ලෝක කුසලාන තරගමාලා සංඛ්‍යාවකට සහභාගී වීම තමාගේ සැලසුම් අතර නොවු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.