හර්දික් පාණ්ඩියාට ආබාධයක්

2019-07-10 at 08:32

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා නවසීලන්තය අතර අවසන් පුර්ව වටයේ තරගය අතරතුරදි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩියා ආබාධයකට ලක්ව තිබෙනවා.

ඊයේ පැවැති තරගයේ පන්දු යවන අවස්ථාවේදි ඔහු පාදයේ සන්ධි ආබාධයකට ලක්ව ඇති බවයි අනාවරණ වන්නේ.

මේ අතර ලෝක කුසලානයේ ඉන්දියාව හා නවසීලන්තය අතර අද නැවත ආරම්භ කිරිමට නියමිතයි.

මැන්චෙස්ටර් නුවර පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් දැඩි බලපැම් එල්ලවීම හේතුවෙන් නවසීලන්ත ඉණිම අතරමගදි තරගය නතර කිරිමට සිදුවුනා.

ඒ වන විට පන්දුවාර 46 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5 ක් දැවී නවසීලන්ත පිළ ලබා සිටි ලකුණු සංඛ්‍යාව 211 ක්. අද එතැන් සිට තරගය යළි ආරම්භ වනු ඇති.

කෙසේ වෙතත් අද තරගයට හර්දික් පාණ්ඩියාගේ සහභාගිත්වය අවිනිශ්චිත වනු ඇති බවටයි අනාවරණ වන්නේ.