හරීන්ගෙන් තිලංගට තහනමක්

2019-09-10 at 17:05

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතුවලට සහභාගීවීමට නොහැකි වන අන්දමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තාවකාලික තහණමක් පණවා තිඛෙනවා.

ඔහු මේ වනවිට එහි විධායක කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කරමින් සිටිනවා.

ක්‍රීඩා පණත යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල යටතේයි මෙම නියෝගය පණවා ඇත්තේ.

මීට අදාළ ලිපිය ක්‍රීඩා අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එවා තිඛෙනවා.

තිලංග සුමතිපාල මහතාට තවදුරටත් ක්‍රිකට් පරිපාලන කටයුතුවලට සහභාගීවිය හැකිදැයි සොයාබලා මාසයක් ඇතුළත වාර්තාවක් සපයන ලෙසටද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නියෝග කර තිඛෙනවා.

ඒ සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමටද අමාත්‍යවරයා නියෝග කර තිඛෙනවා.