02 ටෙස්ට් තරගය ජයගන්න එංගලන්තයට ළකුණු 164 ක ඉලක්කයක්

2021-01-25 at 13:51

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ජය ගැනීම සදහා එංගලන්තයට ලකුණු 164 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

දෙවන ඉනිම සදහා ශ්‍රී ලංකා පිල සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 126 ක් පමණයි.

ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 40 යි. ඩොම් බේස් හා ජැක් ලීච් කඩුලු 4 බැගින් දවාගත්තා.

එංගලන්ත පළමු ඉණිම සියල්ලන් දැවී ලකුණු 344 යි.

ශ්‍රී ලංකාව පළමු ඉණිමට සියල්ලන් දැවී ලකුණු 381 ක් රැස් කළා.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදියි.