19 න් පහළ ආසියානු කුසලාන අවසන් පුර්ව තරඟ අද

2019-09-12 at 07:08

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟමාලාවේ අවසන් පුර්ව තරඟ අද පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කොළඹ පී සරවණමුත්තු ක්‍රීඩාංගනයේදී තරඟවැදීමට නියමිතයි. පෙරවරු 09 යි 30 ට එය ආරම්භ වනවා.

අනෙක් අවසන් පුර්ව තරගයට එක්වන්නේ ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශයයි. එම තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

එම තරඟයද පෙරවරු 09 යි 30 ට ආරම්භ කෙරෙනවා.

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟමාලාවේ අවසන් තරගය අනිද්දා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.