19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගමාලාව අද සිට

2019-07-16 at 06:23

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගමාලාව අද ආරම්භ වනවා.

රංගිරි දඹූල්ල සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනවලදී ලබන 23 වනදා තෙක් එය පැවැත්වීමට නියමිතයි. කොළඹ / ගාල්ල මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් 4 යි එහිදී තරග වදින්නේ.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන පළමු වටයේදී සෑම කණ්ඩායමක්ම තරග තුනකට සහභාගී වනවා. ප්‍රසාද ලකුණූ සටහනේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම දෙකටයි අවසන් මහ තරගය පිවිසීමේ අවස්ථාව උදාවන්නේ. මෙම තරගමාලාවේදී කොළඹ කණ්ඩායම තරග වදින්නේ කමිල් මිෂාරගේ නායකත්වය යටතේයි.

ගාල්ල කණ්ඩායම අභිශේක් කහදුවගේආරච්චි විසින් මෙහෙයවනු ලබනවා. රුවින් පීරිස් මහනුවර පිලේ නායකයායි.

දඹුල්ල කණ්ඩායමට නිපුන් ධනංජය නායකත්වය ලබා දෙනවා.