2019 රග්බි ලෝක කුසලානය ජපානයේදී අද ඇරඹෙයි

2019-09-20 at 06:00

2019 ජගත් රග්බි ලෝක කුසලානය ජපානයේදී අද ආරම්භ වනවා.

රටවල් 20 ක සහභාගීත්වයෙන් ක්‍රීඩාංගණ 12 කදී ලබන නොවැම්බර් 02 වනදා දක්වා තරග පැවැත්වෙනු ඇති.

සමාරම්භක උත්සවය මෙරට වේලාවෙන් අද පස්වරු 3 ට ටෝකියෝ නුවරදී ආරම්භවීමට නියමිතයි.

පළමු තරගය අද පස්වරු 4 යි 15 ට ආරම්භ වන අතර එහිදී තරග වදින්නේ සත්කාරක ජපානය සමගින් රුසියාවයි.

කණ්ඩායම් 5 බැගින් වන කාණ්ඩ 4 ක් යටතේයි මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ.

ඔක්තෝබර් 13 වනදා දක්වා කාණ්ඩ තරග පැවැත්වෙන අතර සෑම කාණ්ඩයකම පෙරමුණේ පසුවන කණ්ඩායම් 2 අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.

ආසියානු රටක ජගත් රග්බි කුසලානය පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර වත්මන් ලෝක ශර නවසීලන්තය කෙරෙහියි මෙවරත් වැඩි බලාපොරොත්තු තබා ඇත්තේ.

එමෙන්ම දකුණු අප්‍රිකාව / එගලන්තය සහ අයර්ලන්තයද අවසාන පූර්ව වටයට පිවිසෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.