Delhi Capitals ට තවත් ජයක්

2020-10-15 at 09:04

මෙවර අයි පී එල් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ජය ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුණා.

ඒ Rajasthan Royals කණ්ඩායම ලකුණු 13කින් පරාජයට පත්කරමින්.

කාසියේ වාසිය දිනූ Delhi Capitals කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ඔවුන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 161ක්.

ජයග්‍රහණය අපේක්ෂාවෙන් පිටියට පිවිසි Rajasthan Royals කන්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගතහැකිවුනේ ලකුණු 148ක් පමණයි.

ඒ අනුව Delhi Capitals කණ්ඩායම ඊයේ පැවති තරගයෙන් ජය ගත්තා.

අයි පී එල් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙන්නේ Royals Challengers Bangalore කණ්ඩායම සහ Kings xi Punjab කණ්ඩායම අතරයි.

ෂාජා හිදියි තරගය පැවැත්වෙන්නේ.