ICC නව සභාපතිවරයා ලෙස ග්‍රෙග් බාර්ක්ලේ පත්වෙයි
2020-11-25 at 08:27

අයි සී සී හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකුද වන ග්‍රෙග් බාර්ක්ලේ පත්වී තිබෙනවා.
ඡන්ද විමසීමේදී ඔහු හමුවේ පරාජයට පත්වූයේ ඉම්රාන් ක්වාජා යි.
ඊයේ පැවති පළමු වර ඡන්ද විමසීමේදී බාර්ක්ලේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 10 ක්.
එහෙත් අයි සී සී රෙගුලාසි අනුව ඡන්ද 11 ක් ලබාගත යුතු බැවින් දෙවන වරටත් ඡන්ද විමසීමක් සිදුකර තිබුණා.
ඒ අනුව දෙවන වටයේදී ඡන්ද 10 ක් ලබා අයි සී සී නව සභාපතිවරයා ලෙස ග්‍රෙග් බාර්ක්ලේ පත්ව තිබෙනවා.
මෙම ධුරය පුරප්පාඩු වූයේ එම තනතුර දැරූ ඉන්දීය ජාතික ශාෂන්ක් මනෝහර් ඉන් ඉල්ලා අස්වීමත් සමගයි.
