ICC මුල් පුටුවට ගංගුලි ඉහළම සුදුස්සෙක් – සංගක්කාර

2020-07-26 at 17:35

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට ඉන්දීය ක්‍රිකට් ප්‍රධානී සෞරව් ගංගුලි ඉහළම සුදුස්සෙක් බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ගංගුලි ඉතාම ක්‍රිකට් දැනුමකින් යුක්ත අයෙකු බවයි. ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම පරිපාලනය සම්බන්ධයෙන්ද ඉන්දීය ක්‍රිකට් ප්‍රවීණයා ඉදිරියෙන් පසුවන බවයි.

ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ සේවයක් කිරීමට සෞරව් ගංගුලි සමත් වනු ඇතැයි කුමාර් සංගක්කාර විශ්වාසය පල කරනවා.

තාමාද ගංගුලිගේ රසිකයෙකු බවයි සංගක්කාර පෙන්වා දී ඇත්තේ.