2020 IPL අදින් ඇරඹේ

2020-09-19 at 06:52

2020 අයි පී එල් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

සමාරම්භක තරගය පැවැත්වෙන්නේ පසුගිය වර ශූරයන් වූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සහ අනුශූරයන් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.

මෙවර අයි පී එල් තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි – අබුඩාබි සහ ශාජා යන නගරවලදීයි.

සමාරම්භක තරගය අබුඩාබි නුවර ශෙයික් සයීඞ් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් පස්වරු 07 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියට කණ්ඩායම් 08 ක් සහභාගී වනවා.

ඒ චෙන්නායි සුපර් කිංග්ස් / දිල්ලි කැපිටල්ස් / කිංග්ස් ලෙවන් පංජාබ් / කොල්කටා නයිට් රයිඩර්ස් / මුම්බායි ඉන්ඩියන්ස් / රාජස්ථාන් රෝයල්ස් / රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් 08 යි.