IPL අවසාන මහා තරගය ලබන නොවැම්බර් 10 වනදා ඩුබායි හිදී

2020-10-26 at 11:57

2020 අයි පී එල් තරගාවලියේ අවසාන මහා තරගය ලබන නොවැම්බර් 10 වනදා ඩුබායි හිදී පැවැත්වෙන බව අද නිල වශයෙන් නිවේදනය කෙරුණා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කලේ පළමු අවසන් පූර්ව තරගය ද ඩුබායි හිදී පැවැත්වෙන බවයි.

එය පැවැත්වෙන්නේ නොවැම්බර් 05 වනදායි.

02 වන අවසන් පූර්ව තරගයෙ මෙන්ම පිළිවලුන් පිටුදැකීමේ තරග සංවිධාන කර ඇත්තේ අබුඩාබි හිදියි.

ඒවා නොවැම්බර් 06 සහ 08 යන දිනවලදී පැවැත්වෙනවා.

අයි පී එල් ප්‍රථීඵල සටහන අනුව මේ වනවිට ඉදිරියෙන්ම සිටින්නේ මුම්බායි ඉන්ඩියන්ස් / දිල්ලි කැපිටල්ස් / රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් 04 යි.