IPL කිරුළ 05 වන වරටත් මුම්බායි ඉන්දියන්ස්ට

2020-11-11 at 06:08

05 වන වරටත් අයි පී එල් කිරුළ හිමි කර ගැනීමට මහේල ජයවර්ධනගේ ප්‍රධාන පුහුණුකාර ධුරය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ ඩුබායි හිදී ඊයේ පැවති අවසාන මහා තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 05 කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 156 ක්.

ශ්‍රෙයාස් අයියර් නොදැවී 65 යි.

තරගයේ වීරයා වූ ටේ‍රන්ට් බෝල්ට් ළකුණු 30 කට කඩුලු 03 ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල මුම්බායි කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත්වුණා. නායක රෝහිත් ශර්මා 68 යි.

තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ජොෆ්රා ආර්චර්.