IPL 2020 : අවසන් මහා තරගය අද

2020-11-10 at 05:25

මෙවර අයි පී එල් තරගාවලියේ  අවසන් මහා තරගය  අද පැවැත්වෙනවා.

ඒ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

2019 අයි පී එල් කිරුළ දිනාගත්තේද මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමයි.

ඔවුන් 2010 වසරේදී අනුශූරයන් වූ අතර 2013 – 2015 – 2017 සහ 2019 වසරවලදී ශූරයන් බවට පත්වුණා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අයි පී එල් අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7 යි 30 ට ආරම්භ විමට නියමිතයි.