IPL 2020 : ඊයේ ජය – දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්ට

2020-10-18 at 06:53

මෙවර අයි පී එල් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් සමත් වුණා.

ඒ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් දෙක පරාජයට පත් කරමින්.

දිල්ලි කැපිටල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර තරගය පැවැත්වුණේ ශාජා ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදීයි.

කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 179ක්.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දිල්ලි කැපිටට්ස් කණ්ඩායම අවසන් පන්දුවාරයේ එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකරමින් තියුනු ජයක් හිමිකරගැනීමට සමත් වුණා.

රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගය පැවැත්වුණේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදීයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ රාජස්ථාන් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 177ක්.

අවසාන පන්දු වාරයේ 4වන පන්දුවේදී ජයග්‍රාහී ඉලක්කය පසුකල රෝයල් චැලෙන්ජර්ස් පිල එම තරගයේ ජය තමන් සතු කර ගත්තා.

අයි පී එල් තරගාවවියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

සන්රයිසස් හයිද්‍රාබාද් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් දෙක අබුඩාබි හී ශෙයික් සයිඞ් ක්‍රිඩාංගණයේදීත් මුම්බායි ඉන්ඩියන්ස් සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම් දෙක ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් තරග වැදීමට නියමිතයි.