IPL 2020 : ඊයේ ජය රාජස්ථාන් – මුම්බායි දෙපිලට

2020-10-12 at 06:51

මෙවර අයි පී එල් තරගාවලියේ ඊයේ පැවති තරග දෙක ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් හා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත්වුනා.

ඒ සන්රයිසස් හයිද්‍රාබාද් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් පරාජයට පත් කරමින්.

රාජස්ථාන් පිළ හා සන්රයිසස් පිළ අතර තරගය පැවැත්වුනේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

කාසියේ වාසිය දිනු සන්රයිසස් පිළ පලමුවෙන් පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4 ක් දැවි ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 158 ක්.

මනීෂ් පාණ්ඩේ ලකුණු 54 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් පිළ පන්දුවාර 19 යි පන්දු 5 කදි කඩුලු 5 ක් දැවි ලකුණු 163 ක් රැස්කරමින් කඩුලු 5 කින් තරගය ජය ගත්තා.

නොදැවි ලකුණු 45 ක් රැස් කළ රාජස්ථාන් පිළේ රාහුල් ටේවාටියා තරගයේ විරයායි.

දිල්ලි පිළ හා මුම්බායි පිළ අතර තරගය පැවැත්වුනේ ෂෙයික් සෙයාද් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

කාසියේ වාසිය දිනු දිල්ලි පිළ පළමුවෙන් පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4 ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 162 ක්.

ශිකර් ධවාන් නොදැවි ලකුණු 69 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි පිළ පන්දුවාර 19 යි පන්දු 4 කදි කඩුලු 5 ක් දැවි ලකුණු 166 ක් ලබා ගැනිමත් සමග කඩුලු 5 ක ජයක් ඔවුන්ට හිමිවුනා.

පන්දු 36 කදි ලකුණු 53 ක් රැස් කළ මුම්බායි පිළේ ක්වෙන්ටන් ඩි කොක් තරගයේ විරයායි.

මේ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ හා කොල්කටා නයිට් රයිඩර්ස් කන්ඩායම අතර තරගය අද ෂාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්විමට නියමිතයි.